මහවත්තේගම දුම්රිය අනතුර

Friday, 05 January 2018 - 11:22

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මහවත්තේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් ඇති බව හාලිඇළ පොලිසිය පවසනවා.

ඊයේ (04) රාත්‍රී 07.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ මහවත්තේගම,බදුල්ල ප්‍රදේශයේ පදිංචි ඇක්මන් නමැති 80 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සිදු කිරීමට නියමිතයි.

හාලිඇළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.