ජපාන විදේශ ඇමති, අගමැති සහ ජනපති හමුවෙයි

Friday, 05 January 2018 - 15:31

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කෝනෝ මහතා අද (05) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.

ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරතවන්නේ වසර 15 කට පසුවයි.
 
මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ  ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පිළිබඳ  තවදුරටත් සොයා බැලීමට විශේෂ නියෝජිත පිරිසක් මෙම මස අගදී ශ්‍රී ලංකාවට එවන බවයි.

එමෙන්ම සංවර්ධනය සහ සංහිඳියාව කරා ගමන් කරන ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහය ලබාදෙන බවත්  ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

මේ අතර ජපාන විදේශ අමාත්‍ය තාරෝ කොනෝ අද අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කළා.

එහිදී ජපාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා දේශපාලන සබඳතා තහවුරු කරලීමේ අපේක්ෂාවෙන් තමා ලංකාවට පැමිණි බවයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහය අගය කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ඉන්දීය සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය ලබාගැනීමේ ශ්‍රී ලංකා අභිප්‍රාය ජයගැනීම උදෙසා ජපානය සෑම අවස්ථාවකම සහය ලබාදෙන බවයි තාරෝ කොනෝ කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස ජපානය ලබාදෙන සහය මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගය කර තිබෙනවා.

ජපානයේ ආධාර මත ඉදි කෙරෙන පාවෙන ද්‍රව වායු බලාගාරය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීම මෙම මස තුන්වන සතිය වන විට සිදු කිරීමට බලාොපාරොත්තු වන බව ද මෙහිදී අනාවරණ වුනා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ කලාපීය හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවන් සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වු බවයි.

ජපානය සහ ශ්‍රී ලංකාවට එක්ව ක්‍රියා කිරීමට ක්ෂේත්‍ර ගණනාවක් ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සමග වඩාත් සමීපව ක්‍රියා කිරීමට තමා බලාපොරොත්තුවන බව ද ජපාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.

මෙම මස දිවයිනට පැමිණීමට නියමිත ජපාන වෙළඳ මණ්ඩලයේ ඉහළ පෙලේ දුත පිරිස පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුනා.





Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More