සයිටම් විරෝධී දෙමාපියන්, හෙට තීරණාත්මක රැස්වීමක

Saturday, 06 January 2018 - 7:35

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ජාතික විධායක සභාව හෙට රැස්වන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ හෙට දිනයේදී ගන්නා තීරණය ඇතැම් විට මාරාන්තික උපවාසය, ඉක්මවා ගිය ක්‍රියාවලියක් ද විය හැකි බවයි.

මේ අතර, කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ශිෂ්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් කියා සිටියේ අදාළ ගැටළුවට රජය ව්‍යාජ විසඳුම් ලබාදෙමින් සිටින බවයි.

සයිටම් ආයතනය අහෝසි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි දැක්වුණේ පසුගිය දෙසැම්බර් 30 වනදා සයිටම් ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනය සමඟ මෙම ගිවිසුම අත්සන් කළ බවයි.

ඒ අනුව සයිටම් ආයතනය අහෝසි වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.


ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More