රුසියාවෙන් ඇමරිකාවට අනතුරු ඇගවීමක්

Saturday, 06 January 2018 - 8:08

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස රුසියාව, ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇගවීමක් සිදුකළා.

ඒ, ඉරානයේ දැන් පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඇමරිකාව ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැදවීම හේතුවෙන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු තානාපති වැසිලි නෙබෙන්සියා කියා සිටියේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීම ජගත් සංවිධානයේ විශ්වසනීයත්වයට කැළලක් බවයි.

ජගත් ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකයෙකු ලෙස ඇමරිකාව සිය බලය අයුතු ලෙස යොදා ගන්නා බවට ජගත් සංවිධානයේ ඉරාන තානාපතිවරයා චෝදනා කළා.

ඉරානයේ වත්මන් විරෝධතා රැල්ල පසුගිය මස අවසානයේ ආරම්භ වූයේ ආර්ථික දුෂ්කරතාවලට එරෙහිවයි.

කෙසේ නමුත් පසුව එය නගර රැසකට පැතිර ගිය අතර, දේශපාලන මුහුණුවරක් ගත්තා. උද්ඝෝෂකයන් ඉරාන වත්මන් පාලනයට මෙන්ම එහි ආගම්වාදී මුහුණුවරට එරෙහිව හඬ නැගීමට පෙළඹී තිබෙනවා.

මෙය කලාපයේ ඉරාන පස මිතුරා වන සෞදි අරාබිය ඇතුළු විදේශ බලවේග විසින් ක්‍රියාත්මක කරන බවටයි ඉරාන රජය චෝදනා කළේ.

දැඩි ඉරාන විරෝධී ආකල්පයක් සහිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ට්විටර් පණිවුඩ මගින් ඉරාන උද්ඝෝෂණවලට සහය පළ කළා.

කෙසේ නමුත්, ජගත් සංවිධානයේ රුසියානු තානාපතිවරයා කියා සිටියේ ඉරානය පිළිබඳව ජගත් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැදවන්නේ නම්, 2014 වසරේ ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ නිරායුධ කළු ජාතික යෞවනයෙකු ඝාතනය වීමෙන් පසු පැන නැගුණු විරෝධතා පිළිබදව ද එවැනි රැස්වීමක් කැදවිය යුතුව තිබූ බවයි.



ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More