සිසුවෙකු දියේ ගිලී මියයයි

Saturday, 06 January 2018 - 10:11

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එරාවූර් - පුන්නකුඩා වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමයින් පිරිසක් අතරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ මෙම ළමයින් පිරිස පුන්නකුඩා වෙරළේ දිය නාමින් සිටියදී එක් අයෙකු අතුරුදන් වී ඇති අතර, අද (06) උදෑසන එම ළමයාගේ මළ සිරුර පුන්නකුඩා වෙරළට ගොඩ ගසා තිබූ බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 15 හැවිරිදි එරාවූර් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන්ට භාරදීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළා.