පාසල් සිසුවෙකුට මරු කැඳවු දුරදිග ගිය වචන හුවමාරුව

Saturday, 06 January 2018 - 12:34

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80
පාසල් මිතුරන් තුන්දෙනෙකු අතර සිදුවූ වචන හුවමාරුවක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහර දීමෙන් හික්කඩුව - කාස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

මොවුන් ඊයේ (05) උදෑසන කතාබහ කරමින් සිටින අතරතුර මෙම වචන හුවමාරුව සිදුව ඇති බව සඳහන්.

එහිදී එක් සිසුවෙකු තවත් සිසුවෙකුට පරුෂ වචනයෙන් බැන වැදීම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රී 11ට පමණ මෙම සිසුවා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ ආතර බදුල්ල - දෙමෝදර ප්‍රදේශයේ පිහිටි සංචාරක ලැගුම්හලක සිටි චෙක් ජාතිකයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (06) අලුයම ඇති වූ මෙම ගැටුමේදී එක් විදෙස් ජාතිකයෙකු අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි.

පහර දුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගැටුම ඇති වන අවස්ථාවේදී තවත් කාන්තාවන් දෙදෙනෙකු ද ඔවුන් රැදී සිටි හෝටල් කාමරය තුළ සිට තිබෙනවා.



ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More