මවට එපාවූ අලුත උපන් බිළිඳිය (ඡායාරූප)

Monday, 08 January 2018 - 8:47

%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කුරුවිට, තෙප්පනාව, පහළගම ප්‍රදේශයේ කැලෑවක දමා ගිය බිළිඳියකගේ මව ලෙස සැකකරන කාන්තාවක් කුරුවිට පොලිසිය මඟින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 19 තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

ඇය සිය පවුලේ ඥාතියෙකු පදිංචිව සිටින පහලගම ප්‍රදේශයට පැමිණ එහිදී  දරුවා ප්‍රශුත කළ පසු බිළිඳිය කැලෑවක දමා ගිය බව පොලිසියට පවසා තිබෙනවා.

සැකකාර කාන්තාව සහා දරුවා මේ වනවිට රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇය පදිංචිව සිටි ප්‍රදේශයේම පුද්ගලයෙකු සමඟ පැවති ඇසුරක් මත මෙම දරුවා බිහිකළ ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව අද (08) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි කුරුවිට පොලිසියෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.





ඡායාරූප - පැල්මඩුල්ල, ජී.ඒ.එස්. ගමඇතිගේ


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More