ඉන්දියානුවන් 26 ක් අත්අඩංගුවට

Monday, 08 January 2018 - 13:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+26+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගුප්ත විද්‍යාව මාර්ගයෙන් ගැටලූ විසඳන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ ඉන්දියානුවන් 26 දෙනෙකු උතුර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ වව්නියාව සහ යාපනය යන ප්‍රදේශ තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

පසුගිය දිනවල මෙම ඉන්දියානුවන් මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා මාර්ගයෙන්.

එමෙන්ම මෙරටදි  ඔවුන් අදාළ ප්‍රදේශවල පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කර ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වී ඇත්තේ.

මොවුන් පරීක්ෂණ නිම කිරීමෙන් පසු දිවයිනෙන් පිටත්කර හැරීමට කටයුතු කරන බව ආගමන විගමන  දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.