තක්සේරුකරුවන්ගේ සංගමය විරෝධතාවක

Tuesday, 23 January 2018 - 12:55

%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරත වනවා.

මරදානේ පිහිටි තක්සේරු දෙපාර්තමේන්තුවේ සිට විරෝධතා පා ගමනින් පැමිණ මොවුන් ඒ සම්බන්ධයෙන් වන සංදේශයක් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා වෙත ලබාදීමට ද නියමිතයි.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව - ලෝටස් වටරවුමෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ද තාවකාලිකව වසා දැමුණා.