භයානක ත්‍රස්ත සංවිධානය යළි ශක්තිමත් වෙයි

Wednesday, 31 January 2018 - 9:29

%E0%B6%B7%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ යළි ශක්තිමත් වී ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

එම සංවිධානයේ සියයට 70ක පමණ ක්‍රියාකාරීත්වයක් ඇෆ්ගනිස්ථානය තුළ පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථාන රජය සඳහන් කර ඇත්තේ වැඩි පාලනය තමන් යටතේ පවතින බවයි.

පසුගිය සති කිහිපය තුළ කාබුල් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක්ම එල්ල වූ අතර එහි වගකීම ද තලෙයිබාන් සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.