රවීට පසු පෙළින් ප්‍ර‍හාරයක් - පක්ෂයේ සියලු කටයුතු වලින් ඉවත් කරන්න ඉල්ලයි

Thursday, 01 February 2018 - 13:52

%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E2%80%8D%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එජාප උපනායක ධුරයෙන් ඉවත් කොට ඒ සඳහා එජාපයේ ජ්‍යේෂ්ඨ නායකයකු පත් කරන ලෙස එජාප පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගෙන් හා එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් ලබා ගැනීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවට නිර්දේශයක්ද මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී රවී කරුණානායක මහතා එජාප ජන රැළි ඇමැතීම එජාපයට අවාසිදායක විය හැකි බව පෙන්වා දී ඇති එජාප පසු පෙළ මන්ත්‍ර‍ී කණ්ඩායම කඩිනමින් ඔහු එජාප උපනායක තනතුරින් ඉවත් කර එජාපයේ සියලු කටයුතු වලින් ඉවත් කරන ලෙසද ඉල්ලීමක් කොට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.