ලෝකෙම කතාවෙන අපේ බ්‍රිගේඩියර් ගැන හැමෝම නොදන්න කතාව

Thursday, 08 February 2018 - 7:41

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය දා, ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ ඇතිවූ සිදුවීමක් හේතුවෙන් මේ වනවිට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙත ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා.

එම අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයා ඔවුන් ඉදිරියට පැමිණ කිසියම් සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මතුවුණේ විදේශ අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටවූ බව පසුගියදා නිවේදනය කිරීමත් සමගයි.

අනතුරුව නැවතත් ඊයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි එම තනතුරෙහි පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළා.

එම නියෝගය ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකර ඇති බව සඳහන්.

ලෝකෙම කතාවෙන එල් ටී ටී ඊ හිතවාදීන්ට ප්‍රතිචාර දැක්වු බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රියංක ප්‍රනාන්දු ගැන කෙටි සටහනක් පහතින්.