Update : බෝගහගොඩ රබර් කර්මාන්තශාලාවේ ගින්න මැඩපවත්වයි (ඡායාරූප)

Thursday, 08 February 2018 - 13:58

Update+%3A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%9C%E0%B7%84%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සදහා පැය දෙකක පමණ කාලයක් ගත වූ අතර, ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන රථ 3 ක් ඒ සදහා යොදා ගැණුනා.

එමෙන්ම, ගින්න නිවීමේ කටයුතුවලට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිීසියේ සහාය ද ලබා ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

update : Thursday, 08 Friday 2018 - 16.06
----------------------------------------------------------

ගාල්ල - බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

කර්මාන්තශාලාවේ එළිමහන් භූමියක ගොඩගසා තිබූ රබර් තොගයකට මෙලෙස ගිනි ඇවිලී ඇති අතර, ගින්න කර්මාන්තශාලාවේ ගොඩනැගිලි පිහිටා ඇති ප්‍රදේශයට පැතිර යමින් පවතින බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ පිළිබඳව ගාල්ල පොලීසියෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක කියා සිටියේ ගින්න නිවීම සඳහා ගාල්ල ගිනි නිවීම් ඒකකයේ ආපදා රථ පිටත් කර යවා ඇති බවයි.


ඡායාරූප - හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්