බංග්ලාදේශ විපක්ෂ නායිකාවට වසර 5 ක සිරදඩුවම්

Thursday, 08 February 2018 - 15:17

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
බංග්ලාදේශ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිනි කලීඩා සියාට වසර 5 ක සිරදඩුවම් නියම වී තිබෙනවා.

දූෂණ චෝදනා හේතුවෙන් ඇයට මෙලෙස සිර දඩුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

බංග්ලාදේශයේ ඩකා අගනුවර අධිකරණයකදී ඇයට එරෙහිව පැවති දූෂණ නඩුවේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මෙය දේශපාලන පළිගැනීමක් බවට ද ඇය චෝදනා කර තිබෙනවා.

එමෙන්ම, ඇයගේ ආධාරකරුවන් ඩකා අගනුවර කලහකාරි අන්දමින් හැසිරීම හේතුවෙන් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව සදහන්.

ළමා නිවාසයකට අරමුදලකින් මුදල් වංචා කිරීමක් පිළිබඳ විපක්ෂ නායකවරියට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව ද වන කලීඩා සියා වංචාකර ඇතැයි පැවසෙන මුදල ඩොලර් දෙලක්ෂ පනස් දෙදහසක්.

අවස්ථා දෙකකදී බංග්ලාදේශයේ අගමැතිනිය ලෙසට ද කටයුතු කල කලීඩා සියා අධිකරණයට පැමිණෙන අවස්ථාවේ එම ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩි කර තිබු බව සඳහන්.

කලහකාරී තත්වයේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර යතුරුපැදි දෙකක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශකර තිබෙනවා.

විපක්ෂ නායිකාවගේ නීතිඥයන් චෝදනා කරන්නේ මෙම නඩු තීන්දුව කලීඩා සියා මෙන්ම ඇයගේ පවුලේ සාමාජිකයන් දේශපාලනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පිරිසක් ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බවයි.

මෙය දේශපාලන චෝදනාවක් හෝ අපරාධ චෝදනාවක් නොවන බව ද ඔවුන් පෙන්වාදී තිබෙනවා.

විපක්ෂ නායිකාවට පක්ෂපාතී පිරිස් තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පවත්වා තිබෙනවා.

ඩකා නුවරට ඇතුලුවන සියලු මාර්ගවල පොලිස් මුරපොල පිහිටුවා නගරයට ඇතුලුවන සියල්ලන් පරීක්ෂා කෙරෙන බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

බංග්ලාදේශ ජාතික පක්ෂයේ ආධාරකරුවන් පා ගමනින් ඩකා නුවරට ඇතුලුවීම වැළැක්වීම එහි අරමුණයි.

මෙම කලහකාරී තත්වය හේතුවෙන් අගනුවර සියලු වෙළඳසැල් සහ ආයතන වසා දමා තිබෙනවා.

මේ වන විට ලන්ඩනයට පිටුවහල් කර සිටින කලීඩා සියාගේ පුත්‍රයාට ද 2016 වසරේදී දුෂණ සහ අපරාධ චෝදනා රැසක් එල්ල වුනා.

මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් හේතුවෙනුයි ඔහු පිටුවහල් කර ඇත්තේ.

මේ අතර බංග්ලාදේශ අගමැතිනිය වන ශික් හෂීනා විසින් මහ මැතිවරණයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කලීඩා සියාගේ පක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය 2014 වසරේ පැවති මැතිවරණය වර්ජනය කළ අතර ඔවුන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.