පුංචි ඡන්දයට සියල්ල සූදානම් - ඡන්ද පත්‍රිකා සහ පෙට්ටි බෙදාහැරීම තවත් පැය කිහිපයකින්

Friday, 09 February 2018 - 7:54

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු අද (09) පෙරවරු 8 ට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඊට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරුන් පරීක්ෂා කිරීමේ කටයුතුද ඊයේ සිදුකර තිබෙනවා.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයින් 57,252 ක් තෝරා පත් කර ගැනීමට හෙට පැවැත්වෙන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි පනස් හත් ලක්ෂ 60,862 ක්.

ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් එක්ලක්ෂ 75,000 ක් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.