වැලිමඩදී කසල තේ කිලෝග්‍රෑම් 267 ක් අල්ලයි

Friday, 09 February 2018 - 9:15

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+267+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වැලිමඩ - පුහුල්පොල ප්‍රදේශයේදී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝග්‍රෑම් 267 ක් පොලීසිය ඊයේ (08) සිය භාරයට ගනු ලැබුවා.

ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙම කසල තේ තොගය ප්‍රවාහනය කළ 18 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.

ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අද (09)වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.