දෙහිවල සත්ත්වෝද්‍යානය දින 3ක් රාත්‍රියේ වැසේ

Friday, 09 February 2018 - 15:39

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය අද සිට ලබන ඉරිදා දක්වා රාත්‍රී කාලයේදී වසා තැබෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මැතිවරණයේ රාජකාරී කටයුතු සඳහා සත්ත්වෝද්‍යාන නිලධාරීන් සහභාගිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, සත්ත්වෝද්‍යානය පෙරවරු 8.30 සිට පස්වරු 6 දක්වා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ද ඇය සඳහන් කළා.

මේ අතර, ජාතික සත්ත්වෝද්‍යානයේදී අද අලූයම සීබ්‍රා පැටවෙකු උපත ලබා තිබෙනවා.