පළාත් පාලන ආයතන 340කට, සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමේ, ඡන්ද විමසීම ඇරඹේ

Saturday, 10 February 2018 - 7:51

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+340%E0%B6%9A%E0%B6%A7%2C+%E0%B7%83%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8325+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%2C+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම අද (10) උදෑසන 7ට ආරම්භ වුණා.

උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374 ක් තුල ජන්ද විමසීම පැවැත්වෙනු ඇති.

මැතිවරණයට දේශපාලන පක්ෂ 43 කින් සහ ස්වාධීන කණ්ඩායම් 222 කින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 57,095 ක්.

ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 3615 ක්.

දිවයිනේ සියලු ඡන්ද මධ්‍යස්ථානවල මේ වනවිට ඡන්ද භාවිත කිරීමේ කටයුතු සාමකාමීව සිදුවන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම ප්‍රදේශ රැසක මේ වනවිට ඡන්දය භාවිතා කිරීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙන බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.