ව්‍යාජ ඡන්ද පත්‍රිකා 143ක් සමඟ පුද්ගලයෙකු පුත්තලමේදී අත්අඩංගුවට

Saturday, 10 February 2018 - 7:54

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+143%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිළ ජන්ද පත්‍රිකාවකට සමාන ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා ඡන්ද දායකයින් වෙත බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජංගම මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිල්අඩිය - රත්මල්යාය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී ඡන්ද පත්‍රිකා 143ක් සොයාගෙන ඇති අතර, සැකකරු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, බුත්තල - ගෝනගංආර - වගුරුවෙල ප්‍රදේශයේ තරුණ, තරුණයින්ට ටී - ෂර්ට් බෙදමින් සිටි බුත්තල ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එම ප්‍රදේශයේ ව්‍යපාරිකයෙකු වන අතර, පොලීසියට ලද තොරතුරකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝණය නොකරන ලෙසට තවදුරටත් අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.