මැතිවරණ නීති කැඩූ 39 ක් අත්අඩංගුවට

Saturday, 10 February 2018 - 18:47

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+39+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීති කැඩූ අපේක්ෂකයන් 8 ක්  ඇතුළු 39ක්, අත්අඩංගුවට

පශ්චාත් මැතිවරණ සමය ආරම්භ වී ඇති හෙයින් මැතිවරණ නීතිරීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අද දිනයේදී මැතිවරණ නීති කැඩූ පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අපේක්ෂකයින් 8 දෙනෙකු ඇතුළත් බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, ප්‍රදේශ කිහිපයකින් මැතිවරණ නීතිරීති කඩ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

අලූත්ගම - මොරගොල්ල සහ මහනුවර - පූජාපිටිය යන ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථානවලදී තමන් සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම අම්පාර - උහන, මීගමුව - කොච්චිකඬේ සහ කන්තලේ - කෝවිල්ගල, ආදී ප්‍රදේශවලින් ද මැතිවරණ නීති කඩ කිරීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

පොලීසිය කියා සිටියේ ඊට අදාළව සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ පුද්ගලයෙකු ප්‍රවර්ධනය කරමින් සිසිල් බීම බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව මහනුවර - ගලහ - උඩදෙල්තොට දෙමළ විද්‍යාලයේ ඡුන්ද මධ්‍යස්ථානය අසළ දී අමාත්‍ය එස්.බී. දිසානායක සහ ඔහුගේ පුත්‍රයා පහර දුන් බවට පවසමින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ගලහ ග්‍රාමීය රෝහලට ඇතුළත් වී තිබෙනවා.

එමෙන්ම නාවලපිටිය -  වෙරළුගස්හින්න - පැරකුම්බා කණිෂ්ඨ විද්‍යාලයේ සිටි ඡන්දපොළ නියෝජිතයෙකුට කිසියම් පිරිසක් තියුණු ආයුධයකින් පහර දී පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම මුලතිව් - පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඡන්ද දායකයෙකුට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරන අවස්ථාවේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වනවා.