මැතිවරණය ජනමත විචාරණයක් බව - දූර්දර්ශන් කියයි

Sunday, 11 February 2018 - 12:43

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+-+%E0%B6%AF%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ඉන්දීය මාධ්‍ය මගින් මේ වනවිට අදහස් පළ කර තිබෙනවා.

ඉන්දියාවේ නිල රූපවාහිනි සේවාව වන දූර්දර්ශන් සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය ලබන සන්ධානය පැහැදිලි ජයග්‍රහණයක් ලබමින් සිටින බවයි.

2015 වසරේ සිට මැතිවරණ කල් දැමූ වත්මන් රජයේ මෙතෙක් ක්‍රියාකාරිත්වය පිලිබද ජනමත විචාරණයක් ලෙස ද දූර්දර්ශන් මෙවර පළාත් පාලන මැතිවරණය හදුන්වනු ලැබුවා.

වෙන්වූ කණ්ඩායම් සහ ස්වාධීන කණ්ඩායම්වල අභියෝග හමුවේ වුව ද දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයන් උතුර නැගෙනහිර පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.

රොයිටර් පුවත් සේවය සදහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හේතුවෙන් වත්මන් රජයේ ඉදිරි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග අභියෝගයකට ලක්වන බවයි.

2015 වසරෙන් පසු දිවයින පුරා පැවති මෙම මැතිවරණය රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පිලිබදව වැදගත් පරීක්ෂණයක් ලෙස ද රොයිටර් පුවත්පත් සේවය හදුන්වනු ලැබුවා.

මැතිවරණයට පෙර පැවති ප්‍රචාරක ව්‍යාපාරයේදී වත්මන් යහපාලන ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අසාර්ථක වීම පිලිබදව එකනෙකාට චෝදනා එල්ල කර ගත් බවයි රොයිටර් පුවත් සේවය කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් වත්මන් යහපාලන රජයේ ජාතික මට්ටමේ පැවැත්ම ද තර්ජනයකට ලක්වන බව යුරේෂියා දේශපාලන උපදේශක සේවාවේ අධ්‍යක්ෂ ශයිලේෂ් කුමාර් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සදහන් කළා.


අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More