ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Monday, 12 February 2018 - 8:15

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ඌව පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයිනේ අනෙකුත් පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.