ගෝඨාභය දිවයිනට

Monday, 12 February 2018 - 8:49

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඇමරිකාවට ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) දිවයිනට පැමිණියා.

පෙරවරු 8.10 ට ඔහු දිවයිනට පැමිණියේ ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන්.

ඔහු ගුවන්තොටුපලේ සේද මාවතේ පිහිටි විශේෂ අමුත්තන්ගේ කුටියේදී හිතවතුන් කිහිපපොලක් විසින් පිළිගනු ලැබුවා.

ගුවන්තොටුපලින් පිටතට පැමිනි අවස්ථාවේදි මාධ්‍යවේදීන් විසින් ඇසූ  ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස කියා සිටියා.

"මේ රටේ ජනතාව ආණ්ඩුවට පළාත් පාලන මැතිවරනයෙන් හොද පිළිතුරක් දීලා තියනවා. මහින්ද රාපක්ෂ ජනතාවට කරපු සේවය, කරපු බොරු ප්‍රචාර නිසා සමහරු රැවටුනා ඒ බව ගතවූ අවුරුදු කීපයේදි හොදින් තේරුනා. මහින්ද නැවත අවශයි කියලා රටටම තේරුම් ගිහින් තියනවා." 

"මම අැමරිකානු පුරවැසියෙක් අගමැතිකම ගන්න හැකියාවක් නැහැ දේශපාලනයට එන්න තාම අදහසක් නැහැ."

ඔහු මීට සති කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණා.