පාර්ලිමේන්තුව විසුරවන්න - හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Monday, 12 February 2018 - 11:18

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලක්ෂ 50කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති බවයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ පළමු මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවූවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

2020 ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.