සී.අයි.ඩීයට ලැබුණු අවසරය

Monday, 12 February 2018 - 13:05

%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට කොළඹ - කොටුව මහේස්ත්‍රාත්වරිය අද (12) අවසර ලබා දුන්නා.

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගෙන් ඉල්ලා සිටියේ බැදුම්කර ගණුදෙනුවට අදාල පරීක්ෂණ සඳහා මේ මස 13,14 සහ 15 යන දිනවල මොවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව එම ඉල්ලීමට අවසර දෙමින් ඊට ඉඩ සලසන ලෙස ඇය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළා.