ලසන්ත ඝාතනයට හිටපු ජෙෂ්‍ය්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට

Wednesday, 14 February 2018 - 8:00

%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජෙෂ්‍ය්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසන්න නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම සිද්ධියට අදාලව කරුණු වසන් කිරීමේ චෝදනාව යටතේයි.

ඊයේ (13) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවූ කාලයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මොහු කටයුතු කර  තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතුළු හිටපු උසස් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවේ පසුගිය 03 වනදායි.

ඊයේ (13) අත්අඩංගුවට ගත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ද මෙලෙස විදෙස් ගමන් තහනම පැනවූ තුන්දෙනා අතරට ඇතුලත්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කර තිබුණා.

එමෙන්ම මෙම ඝාතනයට අදාලව සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල පසුගිය 01 වනදා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අනිද්දා(16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින ගල්කිස්ස - අත්තිඩිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටයිදීයි.