නිදහස් සන්ධානයෙන් තීරණයක්

Wednesday, 14 February 2018 - 19:32

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබාගත හැකි මන්ත්‍රීවරයෙක් අගමැති ධුරයට පත් කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරතවූ අතර එහිදී මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එම රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවූ නිදහස් සන්ධාන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර, ඉදිරි දින 2 තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයා වෙත ලබාදීමටද තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍ය ධුරය නිමල් සිරිපාල ද සිල්වාට ලබාදිය යුතු බවටද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේ.

නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු 44 දෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පනස් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත් [අස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි. රත්නායක කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඇති කරන්නේ නම් කොන්දේසි විරහිතව ඊට සහය ලබාදෙන බවයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ පළාත්පාලන මැතිවරණය ජයගත් සන්ධාන අපේක්ෂකයන් හෙට කොළඹට කැඳවා තිබෙනවා.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ පස්වරු 3 ට කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.