තවදුරටත් ජනපතිට සහය දෙන බව තොණ්ඩමන් කියයි

Thursday, 15 February 2018 - 7:37

%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගන්නා  ඕනෑම තීරණයකට සහය පළ කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් පවසනවා.

ඔහු මෙම එකඟතාව පළ කර ඇත්තේ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේදියි.

එහිදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියදා මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමටත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් පලාත්පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව පිහිටුවන බවට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් ප්‍රකාශ කර තිබුණා.