සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි

Thursday, 15 February 2018 - 13:38

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම, අග්‍රාමාත්‍යවරයාට අද උදෑසන දැනුම් දුන් බවයි.

එමෙන්ම, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ද ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ පක්ෂ මහලේකම් කබීර් හෂීම් වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ අතර, ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල සහ පක්ෂ ව්‍යුහයේ සංශෝධන සිදුකර ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට තීරණය කල  බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් ප්‍රකාශ කලා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ ද එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් ගේ නිවසේ සාකච්ජාවක් පැවැත්වුවා.

මේ අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද යළිත් වරක් සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදීද වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සංවාදයට බඳුන් වූ බවයි ඊට එක්වු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.