ළහිරු වීරසේකර, ටැම්පිටියේ සුගතානන්ද හිමි 28 තෙක් රිමාන්ඩ්

Thursday, 15 February 2018 - 15:58

%E0%B7%85%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%2C+%E0%B6%A7%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+28+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් වෙනත් නඩුවක් සදහා පෙනී සිටීමට කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයි.

අධිකරණ නියෝග නොතකා මහජනතාවට පීඩාවන පරිදි පසුගිය 25 වනදා කොළඹ පැවති සිසු පාගමන සම්බන්ධයෙන් එහිදී පොලීසිය කරුණු ඉදිරිපත් කර ඇති අතර, එය සලකා බැලීමෙන් අනතුරුවයි මෙලෙස ලහිරු වීරසේකර සහ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.