Update : හිටපු ජනපති හමුවූ ඇමති සුසිල් කළ ප්‍රකාශය

Friday, 16 February 2018 - 11:08

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එම යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද කැමැත්ත පළ කළ බවයි සාකච්ඡාවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ.

අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් එක්ව සිටියා.

මෙම සාකච්ඡාවෙන් පසු දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිල යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට ජනාධිපති නිල නිවසට ගොස් තිබෙනවා.

එම සාකච්ඡාව මේ වනවිටත් පැවැත්වෙන බවයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්ද අද දහවල් පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතයි.

මේ අතර ජනපතිට කොන්දේසි විරහිතව තම සහය හිමිවන බව ඒකාබද්ධය විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රකාශ කළා.




Update : Friday, February 16, 2018 11.43
--------------------------------------------------

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට මීට සුළු මොහොතකට පෙර ගොස් ඇති බව වාර්තවනවා.


අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More