ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ් - මහේන්ද්‍රන්ටත් යළි සිතාසි

Friday, 16 February 2018 - 15:31

%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 2 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් මෙහිදී ඇප අයදුම්පතක් ඉදිරිපත් කරමින් ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියත්, විනිසුරුවරිය එය ප්‍රතික්ෂේප කළා.

එසේම මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසිය හරහා අදාළ නියෝග ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මාර්තු 8 හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද දෙවන වරටත් සිතාසි නිකුත් කෙරුණා.

එම නියෝගය අධිවේගී තැපෑල හෝ කුරියර් සේවාව මගින් යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී තිබෙනවා.

මීට පෙර නඩුව විභාගයට ගත් දිනයේ අර්ජුන් මහේන්ද්‍රන්ට නියෝග කෙරුණේ ඊයේ දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

එසේම පසුගිය 7 වන දා අර්ජුන් ඇලෝසියස්ට සහ කසුන් පලිසේනට ඔවුන්ගේ නීතිඥයන් ඇප ඉල්ලූම් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව ඊට දැඩි විරෝධය පළ කළා.