කොළඹට පැය 24ක් වතුර කැපේ

Saturday, 17 February 2018 - 8:09

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%9A
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ - කොටුව, කොම්පඤ්ඤ වීථිය, කොල්ලූපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත, බොරැල්ල, දෙමටගොඩ, මරදාන සහ පිටකොටුව යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

මීට අමතරව අලුත්කඬේ සහ කොටහේන යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජල සැපයුම සිදු කෙරෙන බවද සඳහන්.