පාකිස්ථාන හමුදා බලඇණියක් සෞදි අරාබියට

Saturday, 17 February 2018 - 14:42

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%87%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පාකිස්ථාන හමුදා බලඇණියක් සෞදි අරාබිය වෙත යැවීමට තීරණය කර තිබෙනවා.

දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගිතා ගිවිසුමට අනුව සෞදි අරාබියේ හමුදාව වෙත පුහුණුව සහ උපදෙස් ලබාදීම සදහා මෙම බලඇණිය යොදවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සෞදි අරාබිය මේ වනවිට කලාපීය රටක් වන යේමනයට ප්‍රහාර එල්ල කරනවා.

කෙසේ වෙතත්, පාකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා අවධාරණය කළේ එම හමුදා කණ්ඩායම් සෞදි අරාබියෙන් පිටත මෙහෙයුම් සදහා යෙදවීමට කටයුතු නොකරන බවයි.