පහරදීමකින් පොලිස් නිලධාරියෙකු රෝහලේ

Saturday, 17 February 2018 - 16:04

%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
බණ්ඩාරගම - රයිගම ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පොලිස් පරීක්ෂකවරයෙකු වන ඔහු පානදුර - දකුණ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන බවයි.

ඊයේ රාජකාරියට පැමිණෙමින් සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලීසිය සදහන් කළා.

මෙම පහරදීම සම්බන්ධයෙන් පසුව සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.