Update: තලංගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැමියා මියයයි

Sunday, 18 February 2018 - 6:49

Update%3A+%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තලංගම විමලතිස්ස මාවත ප්‍රදේශයේදී අද අලුයම සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.

ඔහුගේ බිරිඳ තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ජීවිතක්ෂයට පත්වු බවට රෝහල් පොලිසිය මගින් දැනුම්දී තිබෙනවා.

වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

තලංගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Update : Sunday, 18 February 2018 - 08.17
----------------------------------------------------------------------

වෙඩි ප්‍රහාරයකින් අඹුසැමි යුවළකට තුවාල

තලංගම ප්‍රදේශයේ අද අලුයම සිදුවු වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් තුවාල ලබා තිබෙනවා.

අලුයම 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබු අඹු සැමි යුවළ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක් සහ 48 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් නිදා සිටියදී නිවසේ ඉදිරිපස දොර කඩා නිවස තුලට ඇතුලුවු දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි සඳහන්.

එම ස්ථානයේ තිබී කුඩා ගිනි අවියක් සඳහා භාවිත කෙරෙන ජීව උණ්ඩ 2 ක් සහ හිස් පතුරම් කොපු 3 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.