ජගත් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රගති වාර්තාවක්

Sunday, 18 February 2018 - 13:55

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රගති ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ලබන මාර්තු 21 වනදා ජිනීවා නුවරදී සිදුකිරීමට නියමිතයි.

ඒ සඳහා කරුණු දැක්වීමට මෙරට නියෝජිත පිරිසක්ද ජිනීවා බලා යනු ඇති.

ඔවුන් මෙහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් අතින් ලබා ඇති ප්‍රගතිය පමණක් අවධානය යොමු කරනු ඇති බවයි රජය ප්‍රකාශ කළේ.

මෙරට යුද්ධයෙන් පසු සංහිඳියා ක්‍රියාවලිය සහ යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගත්තා.

එහි නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය 2017 වසරේ දී තවත් වසර 02 කට දිගු කරනු ලැබුවා.  

ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු 34 - 1 යෝජනාව යටතේයි.

එම යෝජනාවට අනුව මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා 37 වන සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

අදාළ සැසිවාරය ලබන මාර්තු මාසයේ පැවැත්වෙන අතර ඒ අනුව මාර්තු 21 වනදා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් අදාළ ප්‍රකාශය සිදුකරනු ඇති.


රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න
Tuesday, 04 August 2020 - 20:16

රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න කොමිසමේ... Read More

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More