ජ'පුර නව කුලපති පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි

Sunday, 18 February 2018 - 20:44

%E0%B6%A2%27%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%89%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කර තිබෙනවා.

ධම්මාලංකාර හිමියන් කැළණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර, ඉන්පසු ආචාර්ය සහ දර්ශනවේදී උපාධි මෙන්ම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ උපාධියක්ද හිමිකරගනු ලැබුවා.

ආචාර්යවරයෙකු ලෙසින් වසර විස්සක් පමණ කාලයක් සේවය කර ඇති උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණෙහි පරිවේණාධිපති  ලෙසින්ද වසර 8 කට ආසන්න කාලයක් සේවය කර තිබෙනවා.