විදුහල්පතිනියකට මරු කැඳවූ පුහුණුව (ඡායාරූප)

Monday, 19 February 2018 - 16:12

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නායකත්ව පුහුණු කදවුරකට සහභාගී වී සිටි විදුහලපතිනියක් හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රෝහිනී කුමාරි අතපත්තු නමැති 52 හැවිරිදි හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනියයි.

අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සංවිධානය කෙරුණු නායකත්ව පුහුණු කදවුරකට සහභාගී වී සිටියදී එහි ක්‍රියාදාමයක නිරතවෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙනුයි විදුහල්පතිනිය මියගොස් ඇත්තේ.

පසුගිය 16 දා කුරුනෑගල වාරියපොළ වයඹ නායකත්ව පුහුණු කදවුර වෙත පැමිණ ඇති අතර ඉකුත් 17 වනදා සිදුවූ අවාසනාවන්ත අනතුරකින් ඇය මෙලෙස මියගොස් තිබෙනවා.

සිවු දරු මවක් වන රෝහිනී කුමාරි අතපත්තුගේ සැමියා වන තිලකරත්න අබේසිංහ මහතා අප සමඟ පැවසුවේ මෙවැන්නක්.

‘16 වෙනිදා උදේ වැඩමුළුව සදහා පිටත්ව ගියා .17 දින හවස 3 ට පමණ තමයි කදවුරේ සිටියදී අනතුරකට ලක්වෙලා තිබුනේ,අනතුරින් පස්සේ නෝනව වරකාපොල රෝහලට ඇතුලත් කරලා තිබුනා පස්සේ වරකාපොලින් වැඩි දුර ප්‍රතිකාර සදහා කුරුනෑගල රෝහලටත් එතනින් කොළඹ මහා රෝහලටත් මාරුකර යවා තිබුනා.කොළඹ මහා රෝහලට රැගෙන යන අතරවාරයේදී මියගිය බව තමයි අපිට දැනුම් දුන්නේ.අපිට දූවරුන් හතර දෙනෙක් ඉන්නවා .එක දරුවෙක් තවමත් ඉගෙන ගන්නවා.දැන් දරුවෝ හතර දෙනයි මමයි තනි උනා.අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සංවිධානය කල මෙවැනි පුහුණු වැඩමුළු සදහා මැය මීට පෙරත් දෙවරක්ම සහභාගී උනා.එත් මේ පාර මේවගේ දෙයක් සිදුවේවි කියල හිතුනේ නෑ.මේකට හේතුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සංවිධානය කල මෙම වැඩමුළුව තුල සහභාගී වූ විදුහල්පතිවරුන්ගේ ජීවිත පිලිබදව කිසිදු සැලකිල්ලක් අදාළ බලධාරීන් නොදැක්වීම.මෙම පුහුණු වැඩසටහන් සදහා සහභාගී වන සියලුම දෙනාගේ ආරක්ෂාව පිලිබදව සංවිධායකවරුන් වගබලා ගත යුතු උවත් මෙම පුහුණුව තුල ඔවුන් එය ලබා දීල නැහැ.ඒ නිසා තමයි අද මට මගේ බිරිදත් දරුවන්ට මවක් ඒ වගේම පාසලකට විදුහල් පතිනියක් අහිමි වුනේ,‘





(අජිත් පුෂ්පකුමාර - ඡායාරූප)