ගම්පහ - කෙහෙල්බද්දර ඝාතනයට අනුබල දුන් දෙදෙනෙක් කොටු

Tuesday, 20 February 2018 - 9:16

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+-+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
පසුගිය පෙබරවාරි 06 වන දා ගම්පහ - කෙහෙල්බද්දර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් අනුව කැළණිය - දිප්පිටියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොවුන් අවුරුදු 23 සහ 30 යන වයස්වල පසුවන අය බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ගම්පහ - කෙහෙල්බද්දර දී පසුගිය 06 වන දා සිදුවූ වෙඩි තැබීම ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවටයි පොලීසිය සැක පළ කළේ.

පසුගිය පෙබරවාරි 04 වන දා ද ගම්පහ - නැදගමුව - බෝගහහන්දිය ප්‍රදේශයේ දී ද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ද  චමින්ද හෙවත් චමී නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා.