අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ සතියේ - ඇමති රාජිත කියයි

Wednesday, 21 February 2018 - 13:40

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද ප්‍රකාශ කළා.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කෙසේ වෙතත් ඔහු පසුගිය සතියේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ එම සතිය තුළ අදාළ සංශෝධනය සිදුවන බවයි.

එහෙත් ඔහු අද ප්‍රකාශ කළේ බොහෝ විට මේ සතිය තුළ එය සිදුවිය හැකි බවයි.

එහෙත් එයට හදිසියක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.