දියතලාවේ බස් රථයේ පිපිරීම ගැන සොයන්න 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

Friday, 23 February 2018 - 8:52

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දියතලාව - කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත සය පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

යුද හමුදා නීතියට අනුව, මෙවැනි සිදුවීමකදී මූලික පරීක්ෂණ උසාවියක් පත් කරන අතර, එම ක්‍රමවේදයට අනුව මෙම කමිටුව පත් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය භාර ආඥාපති මේජර් ජනරාල් රුක්මාල් ඩයස්ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව මගින් දීර්ඝ වශයෙන් තොරතුරු විමර්ශනය කරනු ඇති.

ඒ සඳහා මෙම පිපිරීමේදී තුවාල ලැබූවන්ගේ ප්‍රකාශ මෙන්ම, සිද්ධිය ඇසින් දුටූවන්ගේ ප්‍රකාශ සහ පොලිස් වාර්තා යනාදිය සැලකිල්ලට ගැනීමට නියමිතයි.

පසුගිය 21 වනදා අලූයම දියතලාව - කහගොල්ල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ගමන් ගත් බස් රථයක සිදුවූ මෙම පිපිරීමෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු තුවාල ලැබුවා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ බස් රථයේ ගමන් ගත් ආරක්ෂක අංශ සාමාජිකයෙකු සතු අත්බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සිවිල් පුද්ගලයෙකු දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් රහසේ පිටව ගොස් ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය කියා සිටියේ මෙය සාවද්‍ය ප්‍රවෘත්තියක් වන අතර රෝහලෙන් පිටව යනු ලැබුවේ සිද්ධියෙන් තුවාල ලබා සුව අතට පත් වූ අයෙකු බවයි.