හිටපු ආරක්ෂක ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

Friday, 23 February 2018 - 14:23

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තමන් ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනා ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ අද (23) ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.

මීට පෙර ඔහු මෙම සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප වුණා.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසමයි.

එම නඩුව ලබන 26 වැනිදා විභාගයට ගැනීමට නියමිත අතර එය අත්හිටුවන ලෙසට හිටපු ආරක්ෂක ලේකම්වරයා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ගොනු
කළදල එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරුණා.

එය නීති විරෝධී බව සඳහන් කරමින් අභියාචනාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පෙත්සමක් ගොනු කළා.

ඔහු ඉන් ඉල්ලා සිටින්නේ මහාධිකරණයේ නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇතුළු විත්තිකරුවන් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඊට අමතරව පෙත්සම විභාග කර අවසන්වන තුරු ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවන ලෙසද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, දිවි නැගුම අරමුදලෙන් ජී.අයි. බට මිලට ගත් බව කියන සිද්ධියේ නඩුවට අදාළව සාක්ෂි විමසීම ලබන ජුනි 04 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ එවක දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙහිදී චෝදනා එල්ල වී ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමයේ මෙම බට මිලදීගෙන පළාත් පාලන ආයතනවලට ලබාදීම තුළින් රජයට රුපියල් ලක්ෂ 365 ක් රජයට පාඩු කළ බවටයි.