කළුතරට පානීය ජල ගැටළුවක්

Saturday, 24 February 2018 - 7:58

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වියළි කාලගුණයත් සමඟ කළු ගඟට මුහුදු ජලය එක්වන බැවින් කළු ගඟ අවට ඇතැම් ප්‍රදේශවල ජනතාවට නළ ජලය පානය කිරීම නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

වාද්දුව, වස්කඩුව, කළුතර - උතුර, කළුතර දකුණ, නාගොඩ, බෝම්ඹුවල යන ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපා ඇති බව සඳහන්.

මීට අමතරව පිළිමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට සැපයෙන ජලය පානය කිරීම නුසුදුසු බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම ජලය වෙනත් දෛනික කටයුතු සඳහා යොදා ගත හැකියි.

මෙම තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ගේ පානීය ජල අවශ්‍යතාව සපිරීම සඳහා බවුසර් මගින් ප්‍රවාහනය කොට පොදු ස්ථානවල තබා ඇති ජල ටැංකි පුරවා ජලය ලබාදීමටයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු යොදා ඇත්තේ.

එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් මෙලෙස ලබාදෙන පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි.

කළු ගඟට මුසු වන ලවණ සහිත මුහුදු ජලය ඉවත් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත්, ඒ සඳහා ලවණ බාධක ඉදිකිරීමට සැලසුම් යොදා ඇති බවත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.