වියානා ඇලේ සැඟව ගිය ජීවිතය

Monday, 26 February 2018 - 9:40

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
බදුල්ල - මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මහියංගනය - මාපාකඩවැව ප්‍රදේශයේදී වියානා ඇලට පෙරළී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සහ කාන්තාවක් සිට ඇති බව සඳහන්.

අනතුරෙන් එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් අද (26) උදෑසන රැකියාවට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අතුරුදන් පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු බව සඳහන්.  

පොලීසිය පවසන්නේ ආරක්ෂිත වැටක් නොමැතිවීම හේතුවෙන් වසරකට ජීවිත හානි 10ත් 12 ත් අතර ප්‍රමාණයක් වියානා ඇළට බිලිවන බවයි.

මෙහි ආසන්නතම අනතුර පසුගිය වසරේ නොවැම්බර් 23 වනදා වාර්තාවූ අතර, එහිදී මෝටර් රථයක් පෙරළීමෙන් එකම පවුලේ මව, පියා සහ දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අද අනතුරට ලක්වූවන් බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට මහත් ප්‍රයත්නයක් දැරීමට සිදුවූ අතර, ඔවුන් කියා සිටියේ ඇළ දෙපස ආරක්ෂිත වැටක් තිබුණේ නම් මෙම අනතුර වළක්වාගැනීමට හැකිවූ බවයි.