ජනපතිට සහ අගමැතිට සිතාසි

Monday, 26 February 2018 - 11:27

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (26) දිනයේත් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් හතරවන වරටත් සිතාසි නිකුත් කෙරුණා.

ඒ මීට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

මෙහිදී නඩුවේ පළමු සහ සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට අධික කාර්යබහුලත්වය හේතුවෙන් අධිකරණයේ පෙනී සිටීමට හැකියාවක් නොමැති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ලක්මිණී ගිරියාගම අධිකරණයට දැනුම් දුන්නේ.

කරුණු සළකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි සඳහන් කළේ මෙම නඩුව දීර්ඝ ලෙස කල් දැමීමට සිදුවීමෙන් විත්තියට මෙන්ම පැමිණීලි පාර්ශවයටද අගතියක් සිදුවන බවයි.

ඒ අනුව සාක්ෂිකරුවන්ට ලබන ජූලි මස 24 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

2014  වසරේ දෙසැම්බර් මස දිනකදී කොළඹ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා මෙම හෙලිදරව්ව සිදු කර තිබුණා.