අධ්‍යාපන ඇමතිගෙන් හෙළිදරව්වක්

Monday, 26 February 2018 - 11:43

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නිළ ඇඳුම් වවුචර්ක්‍රමය හේතුවෙන් රුපියල් කෝටි 20ක් පමණ කොමිස් ලෙසින් ලබාගත හැකි වංචාවන් වැළැක්වීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට අද (26) උදෑසන එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ දී දරු දැරියන් 30% ක් පමණ නිල ඇඳුම් රෙදි ලබා නොගත් බව වාර්තා මගින් හෙළිවූ බවයි.

දේශපාලන වේදිකා තුළ ඇතැමුන් නිළ ඇඳුම් සඳහා වවුචර් නිකුත් කිරීම විවේචනය කළ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වූ  අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී කළ ප්‍රකාශය පහතින්.