කටුනායකට එන ගුවන් මඟීන්ට විශේෂ නිවේදනයක්

Monday, 26 February 2018 - 16:10

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9F%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යාන දෙකක දෝෂ හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන්වල ප්‍රමාදයක් වාර්තා වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා.

මේ නිසා පැය 24 පුරා ක්‍රියාත්මක 01 973 319 79 දුරකථන අංකය ඇමතීමෙන් අදාළ ගුවන් ගමන්වල තොරතුරු ලබා ගත හැකි බවයි ගුවන් සේවය ප්‍රකාශ කළේ.

කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යාමට නියමිතව තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කිහිපයක ගුවන් ගමන් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදැසන නියමිත වේලාවට පිටත්ව නොයෑම හේතුවෙන් ගුවන් මගින් පිරිසක් අපසසුතාවයට පත්ව ඇතිබව වාර්තා වූවා.

හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කලේ මේ හේතුවෙන් මෙම මගින් පිරිසට පැය 08 කට අධික කාලයක් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රැදී සිටීමට සිදුවූ බවයි.

මේ සිදුවීමත් සමග ගුවන් මගීන් සහ බලධාරින් අතර නොසන්සුන් තාවයක්ද හට ගත බවයි අප වාර්තාකරු සදහන් කළා.