සහකාර පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

Tuesday, 27 February 2018 - 11:25

%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හලාවත පොලිස් කොට්ඨාශයේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද (27) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ වෙන්නප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන යන සම්බාහන ආයතනයක හිමිකාරිගෙන් අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදීයි.

අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා රුපියල් 30,000 ක මුදලක් මෙලෙස අල්ලස් ලෙස ලබාගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ.