ප්‍රදේශ රැසකට අදත් තද වැසි - මුහුදත් රළුවේ - වැඩිම වර්ෂාපතනය මඩකලපුවට

Wednesday, 28 February 2018 - 7:23

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දිවයිනට ආසන්න වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින වලදීත්, දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන් කළේ ඒ අනුව බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මාතලේ, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.

ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය මඩකලපුවට ලැබී ඇති අතර එය මිලිමීටර් 127.9ක්.

ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ නිසා ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.

එමෙන්ම ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන් ගාල්ල නගරයේ මෝඩි ඇළ සහ මාගල්ලේ පිහිටි මොරගොඩ ඇළ පිටාර ගලා තිබෙනවා.

මේ හේතුවෙන් දංගෙදර, දඩිස්වත්ත ප්‍රදේශ ජලයෙන් යටව පැවති අතර, එය මේ වන විට ක්‍රමයෙන් බැස යන බවයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක කියා සිටියේ.

මේ අතර, මධ්‍යම කදුකර ප්‍රදේශයට ඊයේ රාත්‍රී ඇති වූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හැටන් - ඩන්බාර් ක්‍රීඩාංගණයට පහළින් පිහිටි නිවාස පෙළකට සහ තලවකැළේ - ගේ‍්‍රඩ් වෙස්ටන් ප්‍රදේශයේ නිවාස පෙළකට හානි සිදුව තිබෙනවා.

කොළඹ ප්‍රදේශය කිහිපයකටද ඊයේ පැවති දැඩි සුළඟින් බලපෑම් එල්ලවී තිබෙනවා.

දැඩි සුළඟත් සමඟ 120 බස් මාර්ගයේ පාමංකඩ ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩාවැටීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර හෝමාගම ගොඩගම මංසන්ධියේදී ද හයිලෙවල් මාර්ගයට ගසක් කඩා වැටී තිබුනා.

එම අවස්ථාවේ දර්ශන පහතින්.